ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය සදහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය. එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය.
උදා: 1. මව හා දරුවා කතා කරයි.
2. ගුරුවරයා පන්තියේ උගන්වයි.
සන්නිවේදනය යනු කුමක්දැයි නිර්වචන ඇසුරින් හදුනා ගැනීම
යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින්, යම් කිසිවෙකුට, කිසියම් බලපෑමක් කිරීම සදහා ප්‍රකාශ කිරීමයි.
යම් කිසිවෙකු - සන්නිවේදකයා/පණිවිඩය යවන්නා
යම් කිසියක් - පණිවිඩය /සන්දේශය
කිසියම් නාලිකාවකින් - නාලිකාව/මාධ්‍ය
යම් කිසිවෙකුට - ග්‍රාහකයා/ පණිවිඩය ලබන්නා
කිසියම් බලපෑමක් සදහා - බලපෑම/වෙනස/පෙළඹවීම
මේ අනුව හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ අදහස වන්නේ කවුරු හෝ පුද්ගලයෙක්,තමන් තුළ ඇති කරගත් අදහසක්,මතයක්,යෝජනාවක් කුමන හෝ ප්‍රකාශන ක්‍රමවේදයක් යොදාගෙන යම් පුද්ගලයෙකු තම මතයට එකග කර ගැනීමට ගන්නාවූ උත්සාහය සන්නිවේදනය වන බවයි.
2 විල්බර් ශ්‍රාම්ට අනුව සන්නිවේදනය යනු,
තොරතුරු ගැබ් වූ සංඥාවක් හේතුකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්ත්වයක් ඇති කරලීමයි
මෙහි සදහන් තොරතුරු යන්නෙන් අදහස් වන්නේ සංදේශය හෙවත් පණිවිඩයයි. පණිවිඩයක් තුළ ඇත්තේ තොරතුරුය.තොරතුරු ඇතුලත් සන්දේශයක් සැකසීම සදහා සංඥා යොදා ගැනීම අනිවාර්ය වේ. අකුරු,චිත්‍ර,ශබ්ද,රූප, ඉගි බිගි, කේත හෙවත් සංකේත වේ.
මේ අනුව සංඥා මගින් ප්‍රකාශිත තොරතුරු හේතුවෙන් දෙපිරිසක් එක ම මතයකට, අදහසකට පැමිණෙන්නේ නම් එය සන්නිවේදනය වන බවයි ශ්‍රාම්ගේ මතය වන්නේ
3 ෂැනන් හා වීවර් ට අනුව සන්නිවේදනය යනු,
යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ සමාන ලෙස තවත් තැනක ප්‍රති නිර්මාණය කිරීමයි.
යම් ස්ථානයකින් නිකුත් කරන ලද කිසියම් සන්දේශයක් තවත් තැනක සනිටුහන් වීමේදී මුලින් නිකුත් කල පරිදි ම සනිටුහන් විය යුතු බවයි මෙහි අදහස වන්නේ. මූලික පණිවිඩය වෙනසකට ලක්වීම සන්නිවේදනය නොවන බවයි මොවුන්ගේ අදහස වන්නේ
4 චාල්ස් එච් කූලීට අනුව සන්නිවේදනය යනු,
මානව සම්බන්ධතා රදවා සිටින්නාවූත්, වර්ධනය කර ගන්නාවූත්, සියළු සංකේත මෙන් ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහණය කිරීමටත්,කාලයේ බැදීම් වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමයි.
මානව සම්බන්ධතා ආරක්ෂා කරගැමටත්, එවැනි සහසම්බන්ධතා තව තවත් දියුණු මට්ටමකට රැගෙන යාමටත්,සන්නිවේදනය උදව් කරන බව මෙමගින් ප්‍රකාශ කරයි.
එක් රටක විවිධ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ තොරතුරු තවත් රටකට රැගෙන යාමටත්, කාලය ගෙවී ගිය ද එම කාලයේ සිදුවීම්, තොරතුරු ආරක්ෂාකර ගැනීමටත් සන්නිවේදනය ප්‍රයෝජනවත් වන බව කූලීගේ සන්නිවේදනය යන්නට ලබාදෙන විග්‍රහයයි.
5 ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට අනුව සන්නිවේදනය යනු,
අදහස්, දැණුම, යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම හෝ හුවමාරු කර ගැනීමයි.(1990)
මිනිසුන් තුළ පවත්නා විවිධ යෝජනා අදහස් සේම ඔවුන් තුළ එක්රැස්කරගෙන ඇති විවිධ ක්කේෂ්ත්‍ර වලට අදාළ දැනුම, කතාබහ කිරීම හරහා හෝ ලේඛනය යොදාගෙන සහ එකිනෙකට වෙනස් වූ සංකේත භාවිතයෙන් තවත් පිරිසක් වෙත ලබාදීම සන්නිවේදනය වන බවයි.