සන්නිවේදනය අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියකි.පුද්ගල අන්තර් සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා සෑම පුද්ගලයකුටම සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ.සන්නිවේදනය යන්නෙහි සරල අර්ථය වන්නේ හැඟීම් දැනීම් අදහස් සහ දැනුම යනාදිය හුවමාරු කර ගැනීමයි. ප්‍රාථමික සමාජ වල විසූ මිනිසුන් විවිධ ශබ්ද සංඥා, සංකේත භාවිතයෙන් කළ සරල අදහස් හුවමාරුවේ සිට වර්තමානය වන විට ජනමාධ්‍ය හා අංකිත සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා සිදු කරනු ලබන තොරතුරු හුවමාරුව දක්වා සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් වී ඇත.නූතනයේ විශ්වය එකම පවුලක් වන තරමට මානව අන්තර් සම්බන්ධතා සමීප කර වීමට සන්නිවේදනය හේතු වී තිබේ.සන්නිවේදනය ශික්‍ෂණයක් හා අධ්‍යයන මාර්ගයක් ලෙස වර්ධනය වීමේ ඉතිහාසය ඒ හා සාපේක්ෂව කුඩා ය .සන්නිවේදන අධ්‍යයනය කෙරෙහි බල පෑ විවිධ හේතු සාධක කීපයක් පහත පරිදි හඳුනා ගත හැක.
- · දහනව වන සියවසේ දී ලෝක පරිණාමයෙන් බලපෑම් කළ විද්වතුන්ගේ ඉගැන්වීම්
- · සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ සීග්‍ර දියුණුව
- · ජනමාධ්‍ය බිහිවීම වර්ධනය හා ව්‍යාප්තිය
- · ජනමාධ්‍ය සමාජය කෙරෙහි කරනු ලබන බලපෑම
සන්නිවේදන විෂය සන්නිවේදන අධ්‍යයනය නමින් ස්වාධීන
විෂය ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වීමට පෙර එය ප්‍රධාන විෂය තුනක් වන මනෝවිද්‍යාව සමාජ
විද්‍යාව දේශපාලන විද්‍යාව යන ශික්ෂණවේදයන්හි අන්තර්ගත විය.ඒ අනුව සමාජ
විද්‍යා විෂය ක්ෂේත්‍රයේ චාල්ස් හෝටන්කූලී
දේශපාලන විද්‍යා විශය ක්ෂේත්‍රයේ වෝල්ටර් ලිප්මන්
අධ්‍යාපන විද්‍යා විශය ක්ෂේත්‍රයේ ජොන් ඩුවී යන විද්වතුන්ගේ අදහස් සහ පර්යේෂණ අධ්‍යන
විසින් සන්නිවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස වර්තමාන තත්ත්වයට පත් කිරීමට
අවශ්‍ය පදනම සකස් කරනු ලැබිණි.
සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය
විෂයක් ලෙස ස්ථාපනය වීම යුරෝපීය සහ ඇමරිකානු විද්වතුන් රසකගේ පුරෝගාමීත්වයෙන්
ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් සිදුව ඇත සන්නිවේදන අධ්‍යයනය තවදුරටත් වෙනත්
විෂයයන්හි අන්තර්ගත වූ විෂයක් ලෙස නොව ස්වාධීන විශේෂේත්‍රයක් ලෙස වර්ධනය වීම සිදු
විය.
1933 සිට 1845 පමණ දක්වා ජර්මනියේ ක්‍රියාත්මක
වූ ඇඩෝල් ෆිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ එරට විශ්ව විද්‍යාලවලින් පිට මං කරනු ලැබූ
විද්වතුන් විශාල ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ ඔවුහු ඇමෙරිකානු
විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විවිධ ශාස්ත්‍රීය
අධ්‍යයනයන්හි නිරත වූහ.1940 දශකයේ දී මහාචාර්ය විල්බර් ශ්‍රාම්
විසින් සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස ආයතන ගත කිරීමට පියවර
ගන්නා ලදී. ඒ අතර ජනමාධ්‍ය පාසල් සන්නිවේදන පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීම හා විශ්ව
විද්‍යාල සඳහා නව අධ්‍යයන අංශ ආරම්භ කිරීම පෙන්වා දිය හැකිය.
1960 දශකයේ මුල් භාගයේදී සමාජ විද්‍යාව
දේශපාලන විද්‍යාව මනෝවිද්‍යාව සහ ඉංග්‍රීසි භාෂාව ආදී ක්ෂේත්‍රය තුළ අන්තර්ගතව
තිබූ සන්නිවේදන අධ්‍යයනය ස්වාධීන විශේෂයක් ලෙස වෙනවම අධ්‍යයනය කිරීම ආරම්භ විය.
ඒ අනුව සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ
මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය ලෙස සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ
හැදෑරීමය.
ඒ අනුව සන්නිවේදන විෂය සජීවී මෙන්ම සක්‍රීය විෂය
ක්ෂේත්‍රයකි ක්ෂේත්‍රයකි සන්නිවේදන තාක්ෂණයේ නැගීමත් සමඟ සමඟ අතීතයේ සිට එය වර්ධනය
වී ඇත.
Good job♥️
ReplyDeleteGood job❤️
ReplyDeleteGood 👌
ReplyDeleteGood job 💙
ReplyDeleteSuper
ReplyDeleteGood job
ReplyDeleteGood
ReplyDeletegood ❤
ReplyDeleteGood 👍
ReplyDeleteGood job 💞
ReplyDeleteGood🥰
ReplyDelete👍Good
ReplyDeleteGood ❤
ReplyDeleteGood
ReplyDeleteGood 💙
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGood job♥️♥️
ReplyDeleteGood👍
ReplyDelete❤❤
ReplyDelete