සන්නිවේදන විෂය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වාදීම
සිදුවන්නේ දෙහිවල කනිෂ්ඨ විශ්ව විද්‍යාලය මූලික වීමෙනි. වර්ෂ
1968 සිට 1969 අතර කාලයේදී පුවත්පත්
කලාවේදය නමින් එහි පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී.
පුවත්පත් කලාවේදය නම් වූ එම පාඨමාලාව සඳහා විෂය
නිර්දේශය සකස් කරනු ලැබූවේ ආචාර්ය එඩ්වීන් ආරියදාස විසිනි.එම පාඨමාලාව
වසර දෙකකින් පසු අවලංගු වී ඇත.මේ සඳහා එවක අධ්‍යාපන ඇමැති
ධූරය දැරූ අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා මූලිකත්වය ගැන කටයුතු කළේ ය.
1978 කැරැල්ලෙන් පසු විශ්ව විද්‍යාලයේ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාව
හඳුන්වාදීමේ දී සන්නිවේදනය විෂය විශ්ව විද්‍යාල පද්ධතියට හඳුන්වා දී ඇත. ඒ අනුව 1973 වසරේ දී කැලණිය විශ්ව විද්‍යාලයේ ජන
සන්නිවේදනය අධ්‍යයන අංශය යනුවෙන් නව අධ්‍යයන අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී.
මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද
මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී ආරියපාල මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර,ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ඩී.සී රණතුංග
ඇතුළත් විද්වත් කමිටුව ප්‍රමුඛත්වය ගන්නා ලදී. මහාචාර්ය
විමල් දිසානායක සහ සුනන්ද මහේන්ද්‍ර විෂය ඉගැන්වූ ප්‍රථම කථිකාචාර්යවරු වූහ. බාහිර කථිකාචාර්යවරු ලෙස ආචාර්ය එඩ්වින් ආරියදාස ආචාර්ය පියසෝම මෙන්දිස්, ඩී.බී නිහාල් සිංහ, මහගමසේකර, අමරදේව, ඩීසී රණතුංග යන මහත්වරු කටයුතු කළහ.
මෙයට සමගාමීව 1972 වසරේදී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේද පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇත.
වසරකින් පමණ පසු එම පාඨමාලාව නවතා දමා ඇත. එමෙන්ම හැටේ දශකයේ ලංකාවේ පැවති ලංකා ගුවන්විදුලි සේවය මගින් හා ලේක්
හවුස් ආයතනය මගින් වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු පාඨමාලා පවත්වා ඇත. වර්තමානය වන විට සන්නිවේදන විෂය පිළිබඳ විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලා ශ්‍රී
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශ්‍රීපාලි මණ්ඩපය, නැගෙනහිර
විශ්ව විද්‍යාලය සහ යාපනයේ විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. කොළඹ රජරට හා විවෘත විශ්වවිද්‍යාල සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදී
පාඨමාලා ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාල
රැසක ව්‍යාප්තව තිබෙන මෙම විෂය සහතික පත්‍ර, ඩිප්ලෝමා
සාමාන්‍ය උපාධි, විශේෂ උපාධි, පශ්චාත්
උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා දක්වා අධ්‍යයනය කළ හැකි පාඨමාලා ලෙස ඉතා සංවර්ධිත
මට්ටමකට පැමිණ තිබේ.
1982 දී යුනෙස්කෝ සංවිධානය විසින් ගෘන්වල්ට් ප්‍රකාශය මගින් එළිදක්වමින් පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස්
අධ්‍යාපනයෙහිත් වැඩිහිටි අධ්‍යාපනයෙහිත් මාධ්‍ය ක්ෂේත්‍ර මාධ්‍ය අධ්‍යාපනය ලබා
දිය යුතු බවට කරන ලද නිර්දේශ අනුව යමින් ශ්‍රී ලංකාවේ 2006 වසරේ දී සිට පාසල් මට්ටමින්ද සන්නිවේදන විෂය හඳුන්වා දෙන ලදී. 2006 වර්ෂයේදී ප්‍රථම වරට දහවන ශ්‍රේණියටත් 2010
වර්ෂයේ දී එකොළොස් වන ශ්‍රේණියටත් අතිරේක විෂයක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
යනුවෙන් හඳුන්වා දෙන ලදී. 2008 වර්ෂයේ දී උසස් පෙළ කලා
විෂය ධාරාවට ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හඳුන්වා දෙන ලදී. සන්නිවේදන විෂය සෑම වෘත්තියක් සඳහාම අත්‍යවශ්‍ය වී ඇත. එබැවින් ඒ පිළිබඳ හැදෑරීම හා ප්‍රගුණ කිරීම වර්තමානයේ දී ඉතා වැදගත්
හා ප්‍රයෝජනවත් වේ.
Good job♥️
ReplyDeleteGood job❤️
ReplyDeleteGood job 💙
ReplyDeleteGood
ReplyDeleteGood 👍
ReplyDeleteSuperb 🔥
ReplyDeleteGood❤️
ReplyDelete👍👍
ReplyDeleteGod job ❤👍
ReplyDeletegood
ReplyDeleteInterested. Good work. Keep it up
ReplyDeleteGood job. All the best
ReplyDeleteGood job
ReplyDeleteGood job! Keep it up!!
ReplyDelete